මහරගම,ගම්පහ,සීතාවක,දෙහිවල ගල්කිස්ස සමූපකාරවලින් කෝටි 398ක් අතුරුදහන්ව ඇති බව හෙළි වෙයි

බස්නාහිර පළාතේ සමූපකාර ප්‍රාදේශික හතරක කෝටි 398ක් අතුරුදන්ව ඇති හෙයින්   මේවාට සිදු වුණේ කුමක්දැයි  සොයා බලාගෙන යන බව වෙළෙඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ  සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප පැවසීය.

මහරගම සමූපකාරයේ කෝටි 110ක්ද දෙහිවල ගල්කිස්ස  කෝටි  130ක්ද සීතාවක  කෝටි අටක්ද ගම්පහ කෝටි 150ක්ද මෙසේ අස්ථානගතව ඇති බව ඔහු සඳහන් කළේය.

සමූපකාර නමට මුවාවී   කළු සල්ලි සුදු කරන ජාවාරම්  ක්‍රියාත්මක බව අමාත්‍යවරයා  සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *