ගත වූ දින 4දී අධිවේගී මාර්ගවලින් ලක්ෂ 1730 ක දැවැන්ත ආදායමක්

ගත වූ දින 4 තුළ අධිවේගී මාර්ගවලින් රුපියල් මිලියන 173කට වඩා වැඩි ආදායමක් උපයා ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කර ඇත්තේ, අප්‍රේල් 11 වන දා සිට ඊයේ (අප්‍රේල් 14) දක්වා දින තුළ අධිවේගී මාර්ගවල රථවාහන 497, 223ක් ගමන් කර ඇති බව ය.

ඊයේ දිනයේදී පමණක් අධිවේගී මාර්ගවල රථවාහන 109,637ක් ගමන් කර ඇති අතර 39,006,500ක අදායම් උපයා ඇති බව එම නිවේදනයේ වැඩිදුරට ත් සඳහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *