සනත් නිශාන්ත,දිලුම් අමුණුගම සහ ආර් සම්බන්ධන් භාවිත කළ නිවාසවලත් නව මහාධිකරණය පිහිටුවයි

හිටපු ඇමතිවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාවිච්චි කළ කොළඹ රජයේ  නිවාස හතරක මහාධිකරණ හතරක් ස්ථාපිත කිරීමට රජය තීරණය කර තිබේ.

මෙලෙස මහාධිකරණ පිහිටුවීමට නියමිතව ඇත්තේ හිටපු රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පාවිච්චි කළ කොළඹ 7 ග්‍රෙගරි පාරේ අංක B 88 නිවස, හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පාවිච්චි කළ කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ C 76 නිවාසය,හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල  මහතා පාවිච්චි කළ කොළඹ 07,විජේරාම මාවතේ B 108 නිවෙස සහ හිටපු විපක්ෂ නායකයකු මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ ආර්.සම්බන්ධන් මහතා පාවිච්චි කළ කොළඹ 07 ස්ටැන්මෝර් චන්ද්‍ර වංකයේ B 12 නිවාසයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *