2024 පෙබරවාරී මාසයේ දී ජනවාරි මාසයේ මෙන්ම අඛණ්ඩව ලක්ෂ 2ක ඉක්ම වූ සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිවේදනය කර සිටී.
ඒ අනුව පෙබරවාරි මාසයේ දී මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 218,350ක් ලෙස දැක්වෙන අතර 2024 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව දැක්වෙනුයේ 426,603ක් ලෙසයි.
පෙබරවාරි මාසය තුළ දී වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණි දිනය ලෙස 24 වනදා වාර්තා වන අතර එදින මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 10,014ක් ලෙසින් වාර්තා වේ.
මෙම කාල සීමාව තුළ දී වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇත්තේ රුසියාවෙන් වන අතර එම සංඛ්‍යාව දැක්වෙන්නේ 32,030 ලෙසයි.
මීට අමතරව ඉන්දියාවෙන් 30,027 ක් එක්සත් රාජධානියෙන් 20,614 ක් ජර්මනියෙන් 16,259 ක් ලෙස වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇත.