මේ වසරේ මාස 4ට තේ, පොල්, රබර් අපනයන ආදායම් ඉහළට

මේ වසරේ (2025) පළමු මාස හතරේදී ශ්‍රී ලංකාවේ පොල් අපනයන ආදායම සියයට 23.4කින් වර්ධනය වී ඇත.

මේ අනුව ගිය වසරේ (2024) පළමු මාස හතරේදී ඇමරිකානු ඩොලර් මිලියන 125.6ක්වූ පොල් අපනයන ආදායම මේ වසරේ (2025) පළමු මාස හතරේදී ඇමරිකානු ඩොලර් මිලියන 155ක් දක්වා වර්ධනය වී තිබේ.

එසේම මේ කාලයේදී තේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 478.3ක් දක්වා සියයට 6.2කින් සහ රබර් අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 11.2ක් දක්වා සියයට 37.8කින් ද වර්ධනය වී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක මේ බව සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *