යාපනයේ ඉපිද මැලේසියාවේ දැවැන්ත ව්‍යාපාරික කටයුතුවල නිරත පුද්ගලයෙකුගේ 18 හැවිරිදි පුතා කෝටි ප්‍රකෝටි ධනයක් අතහැර පැවිදි දිවියට එළැඹ තිබෙනවා.
ඔහුගේ පියා වසර 40ක පමණ සිට මැලේසියාවේ ජීවත් වන අතර ඔහු සතු ධනය රුපියල් කෝටි 40,000 ක් පමණ වන බවයි වාර්තා වී ඇත්තේ.
ඔහුට ඉන්ධන පිරවුම්හල් කිහිපයක්, දුරකතන ජාලයක්, රූපවාහිනී ආයතනයක් හා චන්ද්‍රිකා පද්ධතියක් අයත් බවද සඳහන්.
මැලේසියාවේදීම උපන් ඔහුගේ පුතා වන අජාන් ශ්‍රී පැන්යෝ මෙම ව්‍යාපාරවල මීළග හිමිකරුවා වුවත් ඔහු ඒ සියල්ලම අතහැර පැවිදි දිවියට ඇතුළත් වී තිබෙනවා.
අප වාර්තාකරු සඳහන් කළේ පැවිදි වීමෙන් පසුව ඔහු තායිලන්තයේ තාවෝ දූම් (Tao Dum ) ආරාමය වෙත ගොස් එහි සිට ධර්ම කටයුතුවල නිරත වීමට තීරණය කර ඇති බවයි.