2022 මැයි නම වන දා ගාලුමුවදොර පැවති සාමකාමී උද්ඝෝෂණයට පහර දීමේ සිදු වීමෙන් පසුව රට පුරා පැන නැගුණු ප්රචණ්ඩත්වයට අවාසනාවන්ත ලෙස ගොදුරු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී අමරකීර්ති අතුකෝරාළ මහතා සහ ඔහුගේ ආරක්ෂක නිළධාරියාගේ ඝාතනයට අදාල නඩුවේ තීන්දුව හෙට දිනයේ දී ප්රකාශයට පත් කිරීමට නියමිත ය.
මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් 41 දෙනෙකු නම් කර සිටියි.
මෙම නඩුව ගම්පහ ත්රීපුද්ගල මහාධිකරණයේ දීර්ඝ කාලයක් විභාග විය.