ලංකාවට අඛණ්ඩවම ආධාර ගලා එයි – යුරෝ ලක්ෂ 05​ක ආධාර රැගත් ජර්මානු යානයක් එයි

යුරෝ ලක්ෂ 05​ක වටිනා ආපදා ආධාර තොගයක් යුරෝපා සංගමයට අයත් ජර්මනියෙන් සහ ලක්සම්බර්ග් යන දෙරටින් රැගෙන විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක්  අද අලුයම දිවයිනට  පැමිණියේය.

මෙම ගුවන් යානය තුළ කූඩාරම් , ආහාර පිසීම සදහා යොදා ගන්නා මුළුතැන්ගෙයි උපකරණ මෙට්ට , ජලය පිරිසිදු කිරීමේ උපකරණ ඇතුළත් විශාල ආපදා ආධාර තොගයක් තිබුණි .

මේවා රැගත් බෝයිං – 747 – 400 විශාල භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය අද අලුයම 04.30 ට ජර්මනියේ ලීග් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

මෙම ආධාර තොගය භාර ගැනීම සදහා ශ්‍රී ලංකාවේ ජර්මාණු නියෝජ්‍ය තානාපතිනිය සරා හසල්බාත් ( Sarah Hasselbarth ) යුරෝපා සංගමයේ පියරේ ට්‍රිපොන් ( Pierre Tripon ) සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීහු පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *