ආපදාවෙන් අඩාල වූ ජනජීවිත ගොඩගන්න රු. බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුවක් අද මැතිසබයට

හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අඩාල වූ ජනජීවිත යථා තත්ත්වයට පත් කිරීම සඳහා රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුවක් අද (18දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ඉල්ලීම පරිදි ස්ථාවර නියෝග 16හි විධිවිධාන ප්‍රකාරව අද කැඳවා ඇති පාර්ලිමේන්තුව හෙට (19දා) ද රැස්කිරීමට කථානායක වෛi ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17දා) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී තීරණයකර ඇත.

අද පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අයහපත් කාලගුණික බලපෑමෙන් ඇති වූ ව්‍යසනයෙන් පසුව රටේ වර්තමාන තත්ත්වය පිළිබඳව ආණ්ඩු පක්ෂය විසින් ගෙනඑනු ලබන කල් තැබීමේ විවාදය පැවති නිසා හෙට දිනයේ ද එම විවාදය පවත්වා පරිපූරක ඇස්තමේන්තුව අනුමත කරගැනීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *