ටිකට් නොදී සල්ලි ගත්ත කොන්දොස්තරලා 57 දෙනෙක්ගේ වැඩ තහනම් කරයි

බස්නාහිර පළාත තුළදී මගීන්ට ප්‍රවේශ පත්‍ර ලබා නොදුන් බස් රථ කොන්දොස්තරවරුන් 57 දෙනෙකුගේ තාවකාලිකව වැඩ තහනම් කළ බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසනවා.

එහි සභාපති විශ්‍රාමික කමාන්ඩර් ගාමිනී ජාසිංහ මහතා පැවසුවේ මෙම මස පළමුවනදා සිට 10 වනදා දක්වා කාලය තුළ එලෙස එම කොන්දොස්තරවරුන්ගේ වැඩ තහනම් කළ බවයි.

වැඩ තහනම් කර සිටින කොන්දොස්තරවරුන්ට බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මගින් එක්දින වැඩමුළුවක්ද පවත්වන බවයි ඔහු පැවසුවේ.

බස්නාහිර පළාතේ ධාවනය වන බස්රථවල ගමන් ගන්නා මගීන්ට ප්‍රවේශ පත්‍රය ළඟ තබාගැනීම අනිවාර්යය කෙරුණේ පසුගිය පළමුවනදා සිටයි.

එම කාලසීමාව තුළ බස්රථ 500කට ආසන්න ප්‍රමාණයක් බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මගින් පරික්‍ෂාවට ලක් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *