ස්පාඤ්ඤයේ පැවැත්වෙන ආරාධිත මලල ක්රීඩා තරගාවලියේ මීටර 600 කාන්තා ධාවන ඉසව්වේ දෙවන ස්ථානය දිනා ගැනිමට තරුෂි කරුණාරත්න සමත් වුණා.
ඒ විනාඩි 1.24.84ක දක්ෂතාවක් වාර්තා කරමින්.එම වාර්තාව නව ආසියානු වාර්තාවක් ද වනවා.
මීට අමතරව කාලිංග කුමාර ද මීටර් 400 තරගයෙන් තුන්වැනි ස්ථානය දිනාගත්තා.
ඒ තත්ත්පර 45.81ක් වාර්තා කරමින්.