රුපියල් 800ක ණය මුදල ගෙවන්නට පමා වුනා කියාකෝප වී මිතුරාව මරා දමයි

රුපියල් 800 ක් ණයට ගෙන එය ආපසු නොගෙවූ යාපනයේ ලංගම බස් රථ රියදුරෙකුට ණය හිමියා විසින් පරහර දී මරා දමා තිබේ.

 මෙම ඝාතනය සිදුවි ඇත්තේ  යාපනයේ උරුම්පිරායී ප්‍රදේශයේදි ය. මෙසේ මියගොස් ඇත්තේ සිංගරත්නම් ශිවකුමාර් නැමති හතලිස් එක් හැවිරිදි තිදරු පියෙකි.

කිසියම් හදිසි අවශ්‍යතාවයක් සදහා බස් රථ රියදුරා රුපියල් 800 ක මුදල ණයට ගෙන ඇති අතර එම ණය මුදල නොගෙවා ණයකරුගේ නිවසට මිතුරුකමට ගිය අවස්ථාවේදී ණය මුදල ඉල්ලා තිබේ. 

මේ මස වැටුප ලබා ගෙන ණය මුදල ලබා දෙන බව ප්‍රකාශ කළද බීමත්ව සිටි පුද්ගලයා මුදල් ණයට ගත් තම මිතුරාට පහර දී ඇත. 

බිම ඇද වැටෙන තුරු පහර දීම නිසා ඔහු බරපතල තුවාල ලබා ඇති අතර අවට පුද්ගලයින් කීප දෙනෙකු එකතු වී ඔහුව රෝහල් ගත කොට තිබේ. 

පහර කෑ පුද්ගලයා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරවාරයේ මියගොස් ඇත. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *