වාර්තා තබමින් ලංකාවට සංචාරකයින් පැමිණීම ලක්ෂ 09 ඉක්මවා යයි

2024 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ නවයේ සීමාව ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම සංඛ්‍යාලේඛන නිකුත් කරමින් සඳහන් කරයි.

ඒ අනුව එම සංඛ්‍යාව දැක්වෙනුයේ 912,445 ලෙසයි.

2024 ජුනි මාසයේ පළමු දින 05 තුළ දී පමණක් මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 15,666 ක් බව එහි වැඩිදුරටත් සඳහන් වේ.

ජුනි මාසයේ පළමු දින 05 තුළ පැමිණ ඇති සංචාරකයින්ගෙන් 27.7% ක් ඉන්දීය සංචාරකයින් වන අතර එම සංඛ්‍යාව 4,347 කි.

මීට අමතරව එක්සත් රාජධානියෙන් 1,360 ක්, චීනයෙන් 1,063 ක්, සහ බංගලාදේශයෙන් 867 ක් ලෙස වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇත.

image 4 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *