ඌරන්ට තැබූ වෙඩිල්ල වැදී නව හැවිරිදි දැරියක් මිය යයි

හෙට්ටිපොල පොලිස් වසමේ මඟුලාගම ප්‍රදේශයේදී අද (27) රාත්‍රි කාලයේදී වෙඩිවැදී රෝහල්ගත කළ දැරියක් මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ කාන්තාවක් සහ දැරියක් වෙඩි වැදීමකින් තුවාල ලබා කුලියාපිටිය රෝහලට ඇතුලත් කිරීමේදී මෙලෙස දැරිය මියගොස් ඇති බවය.

හෙට්ටිපොල පොලීසියට ලද තොරතුරක් අනුව සිද්ධිය ගැන විමර්ශන ක්‍රියාත්මකය.

මියගිය දැරිය වයස අවුරුදු 09 ක් වූ මඟුලාගම, හෙට්ටිපොල ප්‍රදේශයේ පදිංචිකාරියකි. 

මියගිය දැරිය සිය මිත්තණිය සමඟ නිවසේ රැඳී සිටියදී, අසල පිරිසක් ඌරන් දඩයම් කිරීමට කෑකෝ ගසන ශබ්ද ඇසී එය බැලීමට නිවසින් පිටතට පැමිණි අවස්ථාවේදී වෙඩි වැදී ඇති බවට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.

සිද්ධියෙන් තුවාල ලැබූ මිත්තණිය කුලියාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබයි.

දැරියගේ මෘතශරීරය කුලියාපිටිය රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර ඇත. 

අපරාධයට සම්බන්ධ බෝර 12 වර්ගයේ ගිනිඅවිය පොලිස් භාරයට ගෙන ඇති අතර සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇත.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා හෙට්ටිපොල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

One thought on “ඌරන්ට තැබූ වෙඩිල්ල වැදී නව හැවිරිදි දැරියක් මිය යයි

  1. අනේ ඔව් අපේ පුංචිගේ මල්ලිගේ දුව 😭😭 නිවන් සුව පුතේ 😕

Leave a Reply

Your email address will not be published. Required fields are marked *