GMOA ඉල්ලිම් නොතකා පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් 96%ක් රාජ්‍ය සේවයට අයදුම් කරයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) විසින් ඉදිරිපත් කර තිබූ විවිධ ඉල්ලීම් සහ වෘත්තීය ක්‍රියාමාර්ග මධ්‍යයේ වුවද, මෙවර පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් සඳහා සුදුසුකම් ලැබූ වෛද්‍යවරුන්ගෙන් 96%ක් ඒ සඳහා අයදුම් කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

අද (2026 අප්‍රේල් 04) මධ්‍යහ්න 12.00න් අවසන් වූ අයදුම්පත් කැඳවීමේ ක්‍රියාවලියට අනුව ලැබී ඇති දත්තයන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නිල නිවේදනයක දැක්වේ.