ඩොනල්ඩ් ට්‍රම්ප්ට පහසු ජයක් හිමි කරමින් ජෝ බයිඩ්න් ඉවත් වෙයි

ඩිමොක්‍රටික් පක්ෂය තුළින් දිගින් දිගටම එල්ල වූ බලපෑම් හේතුවෙන් තමන් නොවැම්බර් ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බවත්, ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස තමන් උප ජනාධිපතිනී කමලා හැරිස් නම් කරන බවත් ජෝ බයිඩන් පවසයි.

ජනාධිපති ධුරයෙන් ඉවත් වෙන්නැයි, ඩිමොක්‍රටික් පක්ෂය තුළින් බයිඩන්ට විරෝධයක් එල්ල වූයේ, ඔහුගේ වයස සැලකිල්ලට ගනිමිනි. 81 හැවිරිදි බයිඩන් ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්ව සිටින වයස්ගතම පුද්ගලයාය.

ජනාධිපති ධුර අපේක්ෂිකාව ලෙස ඉන්දීය සම්භවයක් ඇති කමලා හැරිස්, නොවැම්බර් පස් වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වී, ප්‍රතිවාදී අපේක්ෂක 78 හැවිරිදි ඩොනල්ඩ් ට්‍රම්ප් පරදා ජයග්‍රහණය කළොත්, ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට පත්වන පළමු කාන්තාව ඇය වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *