පාන් මිලත් පහළ දාන්න රජය තීන්දුවක් ගනියි

බේකරි හිමියන් විසින් පාන් මිල අඩු නොකළහොත් පාන් සඳහා පාලන මිලක් හඳුන්වාදෙන බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසයි.

අද (22) මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෙළෙඳ අමාත්‍යවරයා පවසා සිටියේ, බේකරි හිමියන් විසින් ඉදිරි දින දෙක තුළ පාන් මිල අඩු නොකළහොත් එම පාලන මිල හඳුන්වා දෙන බවයි.

“මම බේකරි හිමියන් හම්බ වුණා. එහිදී කිව්වා පාන් සහ අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල අඩු කරන්න කියලා. ඒ අය දවස් කිහිපයක් ඉල්ලුවා. මම ඒ අයට පැහැදිලිව කිව්වා මම දවස් දෙකක් හරි තුනක් හරි දෙන්නම් ඒ දවස් දෙකෙන් තුනෙන් මේකේ මිල අඩුරන්න තීන්දුවක් ගත්තේ නැත්නම් අනිවාර්යෙන්ම ඊට එහා තීන්දුවලට යනවා. විශේෂයෙන්ම පාන් ජාති අද ගොඩක් තියෙනවා එක එක නම් දා ගෙන. මේ සියලු පාන්වලට මිනිස්සුන්ගෙන් එක එක ගණන් ගන්නවා. මේක විශාල ප්‍රශ්නයක්. ඒ නිසා මම ඒ අයට කිව්වා සැන්විච් පාන් හෝ වේවා සාමාන්‍ය පාන්ගෙඩියක් හෝ වේවා මේ සියලු දේට මිල අඩු කෙරුවේ නැත්නම් ඉදිරි දවස් දෙකක තුනක් ඇතුළත අනිවාර්යෙන් පාලන මිලක් ගේනවා. ඒ පාලන මිල තුළ රටේ ජනතාවට ග්‍රෑම් 450ක පාන් රාත්තලක් රටේ ජනතාවට දරාගන්න පුළුන් මිලකට ලබා දෙන්න කටයුතු කරනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *