රටටම ආදර්ශයක් දෙමින් ලක්ෂ ගාණක වස්තුවක් හිමිකරුට ලබා දුන් මීගලෑවේ දියණියෝ

මීගලෑව මහවැලි ජාතික පාසලේ සිසුවියන් දෙදෙනෙකුට මීගලෑව නගරයේ මාර්ගයක වැටී තිබියදී රුපියල් ලක්ෂ පහකට අධික වටිනාකමකින් යුක්ත රන් භාණ්ඩ සහ මුදල් පසුම්බියක් හමුවී තිබෙනවා.

මෙම වටිනා භාණ්ඩ පසුගිය නොවැම්බර් 24 වැනිදා හමුවී ඇති අතර සිසුවියන් දෙදෙනා විසින් එහි සැබෑ හිමිකරුවන් සොයා එය ලබාදීම උදෙසා මීගලෑව පොලීසිය වෙත භාර දීමට කටයුතු කළ බවයි වාර්තා වූයේ.

මීගලෑව මහවැලි ජාතික පාසලේ 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන තිසුරි යුවනිකා ධර්මපාල සහ සඳුනි නිමල්කා ජයසූරිය යන සිසුවියන් දෙදෙනා විසින් මෙම උතුම් මනුසත් ක්‍රියාව සිදුකර තිබූ අතර ඔවුන් මීගලෑව පොලීසිය වෙත භාරදුන් රන් භාණ්ඩ සහ මුදල් පසුම්බිය එහි හිමිකරුවන් සොයා භාරදීමට මීගලෑව පොලීසිය කටයුතු කර තිබේ.

සමාජ සාරධර්ම වියැකී යන සමාජයක මෙවන් උතුම් ක්‍රියාවක් කිරීමට පෙළඹුණු සිසුවියන් දෙදෙනාගේ මෙම කටයුත්ත සම්බන්ධයෙන්, මීගලෑව පොලීසිය විසින් ඔවුන්ට ස්තූති කරමින් පාසලේ විදුහල්පතිතුමිය වෙත ලිපියක් මඟින් දැනුම් දීමටත් කටයුතු කර ඇති බව සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *