දේවගැති ජෙරම් ප්‍රනාන්දු අත්අඩංගුවට ගනියි


දේවගැති ජෙරම් ප්‍රනාන්දු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ප්‍රකාශයක් ලබාදීම සඳහා දේවගැති ජෙරම් ප්‍රනාන්දු අද (01) යළිත් වරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේ දී ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය අප්‍රේල් මාසයේ පැවති දේව මෙහෙයකදී ආගමික අසමගිය ඇතිකිරීමේ චෝදනා යටතේ ප්‍රකාශයක් ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට අධිකරණය මොහුට නියෝග කරනු ලැබුවා.

බුදුදහමට අපහාස වන අන්දමින් ප්‍රකාශයක් සිදුකර පසුව සිංගප්පූරුව වෙත ගොස් සිටි දේවගැති ජෙරම් ප්‍රනාන්දු පෙරේදා දිවයිනට පැමිණියා.

එම ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පාර්ශව රැසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කර තිබුණා.

අනතුරුව දේවගැතිවරයා ඉදිරිපත් කළ පෙත්සමකට අනුව අභියාචනාධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබුණේ ඔහු මෙරටට පැමිණෙන අවස්ථාවේ ගුවන්තොටුපලේදී අත්අඩංගුවට නොගන්නා ලෙසටයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *