රාජ්‍ය සේවය තුළ සියලු විශ්‍රාමිකයන් වෙත දැනට ලබා දෙන රුපියල් 2500ක දීමනාවට අමතර ව රුපියල් 3000ක් එක්කොට එළඹෙන සැප්තැම්බර් මාසයේ සිට රුපියල් 5500ක අන්තර්කාලීන දීමනාවක් ලබාදීමට පියවර ගෙන ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
රාජ්‍ය සේවක වැටුප් විෂමතා පිළිබඳ සියුම්ව සලකා බලමින් අදාළ ඉදිරි සංශෝධන සිදුකිරීම පිණිස ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි යූ. ආර්. සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂඥ කමිටුවක් මෑතක දී පත්කරන ලද බවත්, එමගින් සිදුකෙරෙන සමාලෝචන අනුව 2025 වසරේ සිට සංශෝධිත වැටුප් ව්‍යුහය ක්‍රියාත්මක කරන තෙක් විශ්‍රාමික රාජ්‍ය සේවකයින් වෙත මෙම අන්තර්කාලීන දීමනාව ලබාදීමට කටයුතු කරන බවත් ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මේ වන විට රාජ්‍ය විශ්‍රාමික ප්‍රජාව ලක්ෂ 7 ක් පමණ විශ්‍රාම වැටුප් ලබන බවත්, ඒ අනුව 2024 වර්ෂයේ දී මෙම අන්තර්කාලීන දීමනාව ලබාදීම වෙනුවෙන් රුපියල් බිලියන 8.4ක අතිරේක වියදමක් රජයට දැරීමට සිදුවන බවත් පැවසූ ඇමැතිවරයා, රාජ්‍ය අයවැය කළමනාකරණය කිරීමේ අභියෝග මධ්‍යයේ වුව ද මෙම අන්තර්කාලීන දීමනාව ලබාදීමට පියවර ගනු ලැබුවේ විශ්‍රාමික රාජ්‍ය සේවකයින් මුහුණදෙන වත්මන් මූල්‍ය දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් රජය ලබාදෙන ඉක්මන් කෙටිකාලීන විසඳුමක් ලෙස බව ද ප්‍රකාශ කළේ ය.