ශාසනයට අමිල මෙහෙවරක් කල සිතුල්පව්ව විහාරාධිපති හිමි අපවත් වෙයි –

ඓතිහාසික සිතුල්පව්ව රජ මහා විහාරයේ නායක අතිපූජ්‍ය මැටරඹ හේමරතන ස්වාමින් වහන්සේ අපවත් වී තිබේ.

අපවත් වන විට උන්වහන්සේ 83 වැනි වියේ පසු වූ බව සඳහන්ය.

උන්වහන්සේ, මල්වතු මහාවිහාරයීය මංගල උපෝසථාගාරයේ උපාධ්‍යාය පදවිය සහ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පදවියෙන් ද පිදුම් ලබා ඇත.

යටගල රජමහා විහරය, ඓතිහාසික සිතුල්පව්ව රජමහා විහාරය සහ ඓතිහාසික මඟුල් මහා විහාරය ඇතුළු විහාරස්ථාන අටක විහාරාධිපති ධුරය හෙබවූ පූජ්‍ය මැටරඹ හේමරතන නායක හිමි සිදු කළ ශාසනික සේවාව අවස්ථා කිහිපයක දී ම ඇගයීමට ලක් ව තිබේ.

උන්වහන්සේ, උසස් පෙළ බෞද්ධ ධර්ම සංඝාය, ලේඛන රේඛා සහ හින්දු ආර්ය සංස්කෘතිය, වන්දනා ගාථා සහ ඓතිහාසික මඟුල් මහා විහාරය ඇතුළු ග්‍රන්ථ රැසක් ද රචනා කළ හිමි වියත් යතිවර නමකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *