පැය 24 පුරා රෑටත් වැඩ කරන තැපැල් කාර්යාල ලැයිස්තුව නිකුත් කරයි

බස්නාහිර පළාතට අයත් තැපැල් කාර්යාල කිහිපයක් පැය 24 පුරා විවෘතව තබන බව නියෝජ්‍ය තැපැල්පතිවරයා විසින් පොලීසියට දැනුම් දී තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කර ඇත්තේ, නියෝජ්‍ය තැපැල්පතිවරයා විසින් පොලිස් රථවාහන හා මාර්ග ආරක්ෂාව වෙත ඒ බව දැනුම් දුන් බවය.

රථ වාහන වැරදි සම්බන්ධයෙන් පොලීසිය මඟින් නිකුත් කරනු ලබන දඩ පත්‍රිකා ගෙවීම හා අනෙකුත් තැපැල් කටයුතු සඳහා මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව පහත සඳහන් තැපැල් කාර්යාල මඟින් පැය 24 පුරා දඩ පත්‍රිකා ගෙවීම් සිදුකිරීමට හැකියාව ලබාදී ඇත.

පැය 24 පුරා විවෘත තැපැල් කාර්යාල…

1. බොරැල්ල
2. වැල්ලවත්ත
3. හැව්ලොක් ටවුන්
4. දෙහිවල
5. මොරටුව
6. පානදුර
7. කළුතර 
8. කොටහේන
9. කොම්පඤ්ඤවීදිය
10. බත්තරමුල්ල
11. ගල්කිස්ස
12. නුගේගොඩ
13. සීතාවකපුර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *