රජය විසින් සිදුකළ ඉන්ධන මිල සංශෝධනයට අනුව ත්‍රිරෝද රථ ගාස්තුවේ වෙනසක් සිදුනොකරන බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර පැවසීය.
මේ අතර ඉන්ධන මිලේ අඩුවීමක් සිදු කළත් බස් ගාස්තු සංශෝධනය නොකරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරයි.
ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රජය විසින් ඉන්ධන මිල සංශෝධනය කිරීමට කටයුතු කරනු ලැබූ අතර , මෙම මිල සංශෝධනයට අනුව වෙළඳපොලේ මේ වනවිට ඉන්ධන අලෙවි වන්නේ පහත මිල ගණන් යටතේ යි.
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 346.00
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 426.00
ලංකා සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 434.00
සුදු ඩීසල් ලීටරයක් රුපියල් 329.00
භූමිතෙල් ලීටරයක් රුපියල් 247.00
කෙසේ වෙතත් ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් ජනතාව පවසන්නේ මේ මිල අඩු කිරීම නොදැනෙන සුළු ඉතාම කුඩා අගයක් බවයි.
අමාත්‍යවරයා පෙර පැවැති ඉන්ධන සමාගම්වලට අමතරව තවත් තරඟකාරි සමාගම් සඳහාද අවස්ථාව ලබා දුන්නේ තරඟකාරී අඩු මිල ගණන් යටතේ ජනතාවට හිඟයකින් තොරව සැපයීම බව පවසමින් වුවත් එවැන්නක් සිදුව නොමැති බවට ජනතාව මැසිවිලි නඟයි