පාරිභෝගික භාණ්ඩ කිහිපයක් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පැනවීමට රජය පියවර ගෙන තිබෙනවා.
මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පැවරී ඇති බලතල අනුවයි මෙම බදු පැනවීම සිදුකර ඇත්තේ.
මෙම විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ලබන 2024 වසරේ දෙසැම්බර් 31 වනදා දක්වා බලපැවැත්වෙනවා.
යෝගට්, වෙඬරු, බොම්බයි ලූණු, රට ඉඳි, දොඩම්, මිදි, ඇපල්, අනෙක් පළතුරු, සැමන් ඇතුලු භාණ්ඩ සඳහායි මෙම බදු පැනවීම සිදුකර ඇතතේ.
