දැවැන්ත තද වැසි ගැන කාලගුණය අනතුරු අගවයි

තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

එම දෙපාර්තමේන්තුව සදහන් කළේ, බස්නාහිර සහ සබරගමුව පළාත් සහ ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ජනතාවට මේ පිළිබඳ සැලකිලිමත් වන ලෙස ය.

එම ප්‍රදේශවලට ඉදිරි පැය 24 තුළ මි. මී 100 ඉක්මවූ තද වැසි ඇති වේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු අනතුරු අවම කරගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාව හේතුවෙන් දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල මෙම තත්ත්වය හටගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *