බලයට පත් වූ පසු විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා – සජිත් ප්‍රේමදාස කියයි

එළැඹෙන ජනාධිපතිවරණයෙන් තමන් ජයග්‍රහණය කළහොත් විධායක ජනාධිපති ධූරය අහෝසි කරන බව ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසා තිබේ. 

ඔහු මේ බව පවසා ඇත්තේ රුවන්වැල්ල ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි. 

මීට පෙර රට පාලනය කළ බොහෝ අය විධායක ජනාධිපති ධූරය අහෝසි කරන බව පවසා බලයට ආ නමුත්, ඔවුන් කිසිවෙකු එය සිදු නොකළ බව පවසන සජිත් ප්‍රේමදාස, තමන් බලයට පත් වූ පසු පාර්ලිමේන්තුවට මුල්තැන ලබා දෙන පාලන ක්‍රමයක් ස්ථාපිත කරන බවට පොරොන්දු වී තිබේ. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *