මහජන, BOC කොටස් 20%ක් ව්‍යාපාරික හිතවතුන්ට විකුණන්න යයි

මෙරට ආර්ථික ර්මස්ථාන වන ලංකා බැංකුව හා මහජන බැංකුව කොටස් වලින් 20%ක් ව්‍යාපාරික හිතවතුන්ට විකුණා දැමීමට සැලසුම් කර ඇති බව ලංකා බැංකු සේවක සංගමය චෝදනා කරයි.

උපායමාර්ගික ආයෝජන ලෙස පවසමින් මෙම සැලසුම ක්‍රියාත්මක කරමින් ඇති බවත් මෙවර අයවැය යෝජනාවලිය මගින් ද මෙම යෝජනා ඉදිරිපත් කර ඇති බවත් එම සංගමය කියා සිටී.

ඒ අනුව මෙම තීරණයට එරෙහිව විරෝධය පළ කරමින් රට පුරා සම්මේලන මාලාවක් පැවැත්වීමට තීරණය කළ බවද එම සංගමය කියයි.

සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් සේනානායක මහතා පෙන්වා දෙන්නේ රාජ්‍ය බැංකු විකිණීම සාමූහික ගිවිසුම් තහනම අසාධාරණ බදු අය කිරීම ඇතුළු සටන් පාඨ කිහිපයක් මූලික කරගනිමින් පළාත් මට්ටමින් මෙම විරෝධතා මාලාව මාලාව පවත්වන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *