අයිස් ගැසූ 7 ශ්‍රේණියේ සිසුවෙක් සිහි විසඥ වී දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරයි

වවුනියාව නගරයේ ජනප්‍රිය දෙමළ පාසලක හත්වන ශ්‍රේණියේ සිසුවෙකු අයිස් මත්ද්‍රව්‍ය පානය කිරීමෙන් සිහි විසඥ වී ඊයේ ( 20 ) ද වවුනියාව මහ රෝහලට ඇතුළත් කොට තිබේ.

වයස අවුරුදු 12 ක් වූ මෙම සිසුවා පාසල තුළදී කීප විටක්ම වමනය කිරීමෙන් පසුව සිහිසුන් වී ඇත.

පාසලේ පිරිසක් වහාම ඔහුව වවුනියාව මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වෛද්‍යවරු ඔහුව දැඩි සත්කාර ඒකකයේ රඳවා ඇත.

සිද්ධිය දුටු සිසුන් පිරිසක් ප්‍රකාශ කොට ඇත්තේ එම සිසුවා පාසලේ සිට පාසල ඉදිරියේ ඇති වෙළඳ සැලකට යන බව ඔවුන් දුටු බවයි.
ස්වල්ප වේලාවකට පසුව ඔහු යළි පාසලට පැමිණි බවත් අනතුරුව ඔහු වමනය කිරීමට පටන් ගත බවත් සිසුන් ප්‍රකාශ කොට ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ ආරම්භ කොට අදාල වෙළද සැල් හිමියාගෙන් ප්‍රකාශයක් ලබා ගත් අවස්ථාවේදී ඔහු ප්‍රකාශ කොට ඇත්තේ සිසුවා වෙළද සැලෙන් පෙනඩෝල් පෙති දෙකක් මිලට ගෙන එය බොන අතරවාරයේ තමන්ගේ හිස කැරකවෙන බව පැවසූ බවයි.සිසුවා අයිස් මත්ද්‍රව්‍ය‍ය පානය කලේ නිවසේදීද වෙනත් ස්ථානයකදීද නැතහොත් පාසලේදීමද යන්න සොයමින් පොලීසිය පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *