ශ්‍රි ලංකා ක්‍රිකට් තහනම ලබන සතියේ අවසන්

ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම එළඹෙන සතිය වන විට සම්පූර්ණයෙන් ඉවත් වනු ඇතැයි ක්‍රීඩා අමාත්‍යංශයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි. තහනම ඉවත් කර ගැනීම සඳහා නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සෘජුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමඟ සාකච්ඡා කර ඇති බවත් ඒ අනුව එම කවුන්සිලයෙන් ධනාත්මක පිළිතුරක් ලැබී ඇති බවත් සඳහන් වේ.

මේ අතර නව ක්‍රීඩා අමාත්‍යවරයාට එළඹෙන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සියලයේ විධායක සභාවටද ආරාධනා කර ඇතැයි වාර්තා වෙයි. එසේම මෙරට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ සාකච්ඡා ද අමාත්‍යවරයා විසින් ආරම්භ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *