තම රජයක් යටතේ ශ්‍රී ලංකා ටෙලිකම් ආයතනය කළමනාකරණය කිරීමට විදේශීය ආයෝජකයන් කැඳවන බව ජාතික ජන බලවේග නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි.
ශ්‍රී ලංකා ටෙලිකම් ආයතනය විකුණා දැමීමට විරුද්ධ බවත් එය කළමනාකරණය කිරීමට විදේශීය ආයෝජකයෙකු ගෙනවා ගැනීමට සිදුවන බවත් හෙතෙම කියා සිටියේය.
අද පෙරවරුවේ පැවති එම පක්ෂ බැංකු හා මුල්‍ය සංසදය අමතමින් හෙතෙම මෙම අදහස් පළ කළේය.
‘අපි ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ඉංජිනේරුවන් සමඟ සාකච්ඡා කළා. ටෙලිකොම් යනු නිරන්තරයෙන් වෙනස් වන අධි තාක්ෂණික කර්මාන්තයක් බැවින් එය කළමනාකරණය කිරීමට ප්‍රමාණවත් ධාරිතාවක් ටෙලිකොම් ආයතනයට නොමැති බව ඔවුන් පෙන්වා දුන්නා. එබැවින් එය කළමනාකරණය කිරීමට විදේශ ආයෝජකයෙකු ගෙන්වා ගැනීමට අපට සිදුවනවා’