ආරක්ෂක ලේකම් ඇතුළු හමුදා ලොක්කන්ට දවස් 05ක් කන්න ලක්ෂ 11 වියදම් කරයි

ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයට පැමිණි හමුදා ප්‍රධානීන් පිරිසකට සංග්‍රහ කිරීම සඳහා රුපියල් එකොළොස් ලක්ෂ පනස් දහසකට ආසන්න මුදලක් වැය කර ඇති බව වාර්තා වේ.

දින පහක් සඳහා අදාළ මුදල වැය කර ඇති බවයි, ජාතික විගණන කාර්යාලය සඳහන් කර ඇත්තේ.

ආර්ථික අර්බුදය හේතුවෙන් වියදම් සීමා කරන ලෙස මහ භාණ්ඩාගාරය නිකුත් කර ඇති චක්‍රලේඛයට පටහැනිව මෙම මුදල ගෙවා ඇති බව සඳහන්.

මෙම සංග්‍රහ වියදම් දරා ඇත්තේ එම මාණ්ඩලික විද්‍යාලයේ කටයුතු පරික්ෂා කිරීම සඳහා පැමිණි ආරක්ෂක ලේකම්, ආරක්ෂක මාණ්ඩලික නිලධාරී සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් වෙනුවෙන බව ද එම කාර්යාලය සඳහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *