හොරු අල්ලනවා යැයි කියන සටන් පාඨය තනිකරම තම තමන්ගේ වාසිය සඳහා ජනතාව මුලා කිරීමට දේශපාලන වේදිකාවේ හදපු සටන් පාඨයක් බවයි පොහොට්ටුවේ ජනපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ කියන්නේ. තාක්ෂණය බද්ධ වූ ප්රසම්පාදන ක්රියාවලියක් ඔස්සේ විනිවිදභාවයෙන් යුතු තරගකාරී ටෙන්ඩර් පටිපාටියක් රටට හඳුන්වාදෙමින් දූෂණය වංචාව තවදුරටත් මැතිවරණ සටන් පාඨයක් වීම නවතා දමන බවයි ඔහු කියන්නේ.
“රාජපක්ෂලාගේ ගිණුම්වල අයථා ඉපැයීම් ඇතැයි කියමින් රටේ ජනතාවගේ බදු මුදල් ලෝකේ වටේ ගිණුම් පරීක්ෂා කිරීමට නිකරුනේ නාස්ති කර දැමූ පිරිසක් අද ජනපති අපේක්ෂයන් ලෙස මේ රටේ ආණ්ඩුකරන්න ඉල්ලමින් සිටිනවා.
දැන් බොහෝ වෙලාවට හොරු අල්ලන්න තමයි ජනාධිපතිවරු එන්නෙ. යහපාලන ආණ්ඩුවෙත් එහෙම්මම ආවා. කමිටුවකුත් දැම්මා. ඔය කියන හැමෝම එක කමිටුවකට එකතුවෙලා හොරු අල්ලන්නත් ගියා නඩු පිට නඩු දැම්මා. ඒ හැම නඩුවකින්ම අපි නිදොස්කොට නිදහස් උනා.
වර්තමාන ජනාධිපතිවරයා එවකට යහපාලන ආණ්ඩුවේ අගමැතිවරයා පැහැදිලිව ප්රකාශයක් කරලා ලෝකෙ වටේ ගිහිල්ලා රාජපක්ෂලාගේ ගිණුම් පිළිබඳව හෙව්වා අයුතු ලෙස උපයාගත්ත කිසි දෙයක් තියෙනවා කියලා සාක්ෂියක් නෑ කියලා. ඒ නිසයි ඒ අය නඩුවලින් නිදහස් උනේ කියලා.
තනිකරම ඒක දේශපාලන වේදිකාවේ හදපු සටන් පාඨයක්. ලැබ්බොගිනි හොයන්න අපේ ගෙවල්වල වැසිකිළිය පවා හෑරුවා. අපේ අම්මාගේ මොන්ටිසෝරියේ සෙල්ලම් හෙලිකොප්ටරයක් තිබුණා. ඒක බලන්නත් ආවනේ හෙලිකොප්ටරයක් කියලා. ඒ වගේ බොරුවෙන් ජනතාව මුලා කළ පිරිසක් තමයි මේ රටේ ආණ්ඩුකරන්න ඉල්ලන්නෙ.
වංචාව දූෂණය අපි මැතිවරණ වේදිකාවෙන් අපි අයින් කරනවා. අපි ඒක කරන්නෙ තාක්ෂණය හඳුන්වලා දීලා, ටෙන්ඩර් පටිපාටි ගෙනල්ලා. ප්රසම්පාදන ක්රියාවලියක් යටතේ තරගකාරී ලන්සු ක්රමයට ටෙන්ඩර් පටිපාටියක් හඳුන්වලා දීලා තාක්ෂණයත් එක්ක බද්දකර දීලා විනිවිදභාවය හා ගුණාත්මකභාවය ආරක්ෂාවන වැඩපිළිවෙලක් හඳුන්වා දෙනවා” යි නාමල් රාජපක්ෂ පොහොට්ටුවේ මන්ත්රීවරයා සඳහන් කරනවා.