රාජ්‍ය සේවක වැටුප් වැඩි කරන්න කැබිනට් පත්‍ර්‍රිකාවක් නෑ – ඇත්ත හෙළි වෙයි

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බවට රජය ප්‍රකාශ කළද එවැනි කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත්වී නොමැති බව පැෆරල් සංවිධානය පවසනවා.

ඒ අනුව 2025 ජනවාරි සිට රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කරන බවට රජය කළ ප්‍රකාශය, ජනතාව හා රාජ්‍ය සේවකයින් නොමග යවන සුළු ප්‍රකාශයක් ලෙස පැෆරල් සංවිධානය නිරීක්ෂණය කරන බවයි එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කරන්නේ.

කැබිනට් පත්‍රිකාවක් හෝ නොමැතිව කැබිනට් තීරණය ලෙස හුවා දැක්වීම රාජ්‍ය නායකයෙකු ලෙස කිසිසේත්ම නොකළ යුතු කාරණයක් බවයි රෝහණ හෙට්ටිආරච්චි වැඩිදුරටත් සඳහන් කළේ. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *