ඉදිරි ජනාධිපතිවරණයෙන් ජයගැනීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන තෙක් භාරකාර රජයක් පවත්වාගෙන යාම පිළිබඳව ජාතික ජන බලවේග නායක අනුර දිසානායක මහතා අදහස් පළ කරයි.
එහිදී තමනට තෝරාගැනීම් කිහිපයක්ම ඇති බවත් පවසන ඔහු ව්‍යවස්ථාවෙන් පිට කිසිදු ආකාරයකින් කටයුතු නොකරන බවද කියා සිටියි.
සියලු විෂයන් ජනාධිපතිවරයා විසින් පවරාගෙන කටයුතු කිරීම, තම පක්ෂයේ හතර දෙනාගේ කැබිනට් මණ්ඩයක් පත් කර ගැනීම, පවතින පාර්ලිමේන්තුවෙන් තාවකාලික භාරකාර කැබිනට්ටුවට පත් කර ගැනීමත් යන තෝරා ගැනීම තුන සිදුකල හැකි බවත් ඒ අවස්ථානුකූලව ගැලපෙන ක්‍රියාමාර්ගයක් ගන්නා බවත් ඔහු තියා සිටී.
එම අවස්ථාව සඳහා පත් කරන අමාත්‍යාංශ ඊට අදාළ වන විෂයන් පවා මේ වන විට සූදානම් කර අවසන් බවද හෙතෙම කියා සිටියේය.
ඒ මහතා මෙම අදහස් පළ කළේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවට එක්වෙමිනි.