ඇමතිවරුන් හතරක මාලිමා කැබිනෙට්ටුව නම් කර සූදානම් කරයි

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළහොත් මහමැතිවරණය අවසන් වන තුරු පාලන බලය පවත්වාගෙන යාම සඳහා නව භාරකාර අමාත්‍ය මණ්ඩලයක් නිර්මාණය කරන බව එම පක්ෂයේ විධායක සභික නලින්ද ජයතිස්ස පවසනවා.

අනුර කුමාර දිසානායක ජනපති වීමෙන් පසු පුරප්පාඩු වන මන්ත්‍රී අසුන සඳහා කොළඹ දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ මීළඟට සිටින ලක්ෂ්මන් නිපුණආරච්චි පත් කිරීමට සැලසුම් කර ඇති බවත්, හරිනි අමරසූරිය, විජිත හේරත් සහ ලක්ෂ්මන් නිපුණආරච්චිට අමතරව ජනාධිපති අනුර කුමාර දිසානායක ගෙන් යුතු කැබිනට්ටුවක් නිර්මාණය කිරීම සැලසුම වී ඇති බවත් ඔහු සඳහන් කර තිබෙන්නේ අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.

මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් කරමින් ජාතික ජන බලවේගය අන්තර්ජාල නාලිකාවක් සමග පැවැත් වූ අවසන් සජීව සංවාදය වන මෙහිදී තවත් වැදගත් කරුණු රැසක් පිළිබඳ කරුණු හෙළි කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *