IHP සැප්තැම්බර් සමීක්ෂණයෙන් අනුර ජයග්‍ර්‍රහණය කරයි

ඉදිරි ජනාධිපතිවරණයේදී මෙරට වැඩිහිටි ජන්ද දායකයින්ගේ ඡන්ද අභිප්‍රාය පිළිබඳව සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය (IHP) විසින් සැප්තැම්බර් මාසයේ සිදුකළ මත විමසුම් සමීක්ෂණයක ප්‍රතිඵල වාර්තාව අද (18) නිකුත් කර තිබෙනවා.

අදාළ සමීක්ෂණයේ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක 48% ක් ලබා ගනිමින් පෙරමුණ ගෙන ඇති බවයි වාර්තාවේ දැක්වෙන්නේ.

එසේම ජනාධිපති අපේක්ෂකයින් වන සජිත් ප්‍රේමදාස 25% ක ප්‍රතිශතයක් ලබාගනිමින් දෙවන ස්ථානය ද, රනිල් වික්‍රමසිංහ 20% ක් ලබාගනිමින් තෙවන ස්ථානය ද, නාමල් රාජපක්ෂ 5%ක් ලබාගනිමින් සිව්වන ස්ථානය ද ලබාගෙන ඇති බවයි සමීක්ෂණ වාර්තාවේ දැක්වෙන්නේ.

මෙම සමීක්ෂණය සැප්තැම්බර් 1 සිට 13 දක්වා සිදු කරන ලද සම්මුඛ පරීක්ෂණ 541 ක් මත පදනම්ව ඇති බව​ද, සමීක්ෂණ ඇස්තමේන්තුව 3-6% අතර දෝෂ ආන්තිකයක් සමඟ තක්සේරු කර ඇති බවද සමීක්ෂණ වාර්තාවේ සඳහන්.

අදාළ සමීක්ෂණ වාර්තාව පහතින් සහ මෙතැනින්. මාධ්‍ය නිවේදනය මෙතැනින්.news images news images news images news images

Leave a Reply

Your email address will not be published. Required fields are marked *