අධිවේගයේ යන රියදුරන්ට හදිසි දැනුම්දීමක්

අධික වර්ෂාව හේතුවෙන් අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රියදුරන්ට මීටර් 50ක පරතරයක් තබාගෙන ධාවනය කරන ලෙස අධිවේගී රථ රථවාහන පොලීසිය දැනුම්දෙයි.

මේ බව දැනුම්දෙමින් අධිවේගී මාර්ගවල මාර්ග සංවර්ධන අධිකාරිය විසින් අවවාදාත්මක විද්‍යුත් පුවරු ප්‍රදර්ශනය කර ඇති අයුරු දක්නට ඇතැයි ද අප වාර්තාකරු පැවසීය.

අඳුරු ආලෝකයක් පවතින හෙයින් වාහනවල ඉදිරිපස විදුලි ලාම්පු දල්වා ධාවනය කරන ලෙසත් අධිවේගී රථ රථවාහන පොලීසිය රියදුරන්ට දැනුම් දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *