පෙම් හුටපටයකට සරසවි සිසුවියක් බෙහෙත් අධි මාත්‍රාවක් බී මිය යයි

කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා විෂය යටතේ උපාධිය හදාරා මීට මාස දෙකකට පමණ ඉහතදී ඉවත්ව ගොස් සිටි 27 හැවිරිදි තරුණියක පෙරේදා (02) දහවල් කාලයේ විශ්වවිද්‍යාලයට පැමිණ කිසියම් ඖෂධ වර්ගයක් අධි මාත්‍රාවකින් පානය කර දැඩි ලෙස රෝගාතුරව රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී එදිනම මියගොස් ඇතැයි කිරිබත්ගොඩ පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ බදුල්ල ස්ප්‍රින්වැලි ප්‍රදේශයේ පදිංචිව සිටි යසාරා නමැති තරුණියක්.

ඇය ඉගෙන ගත් වකවානුවේ එම විශ්වවිද්‍යාලයේ ඉගෙන ගත් තරුණයකු සමඟ පැවැති ප්‍රේම සම්බන්ධයක් මුල් කරගෙන කිසියම් ඖෂධ වර්ගයක් අධි මාත්‍රාවකින් විශ්ව විද්‍යාල භූමිය තුළදී පානය කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළා.

මියගිය තරුණියගේ පශ්චාත් මරණ පරීක්ෂණය සහ හදිසි මරණ පරීක්ෂණය පැවැත්වීමට කිරිබත්ගොඩ පොලිසියේ විවිධ පැමිණිලි විමර්ශන අංශය කටයුතු යොදා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *