රනිල්, සජිත්, චන්ද්‍රිකා එක සන්ධානයකින් මහ මැතිවරණයට

කැඳවා ඇති පාර්ලිමේන්තු මැතිවරණයට සන්ධානගත වී තරග වැදීම සඳහා හිටපු ජනාධිපතිවරුන් වන රනිල් වික්‍රමසිංහ, චන්ද්‍රිකා කුමාරතුංග සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්ම මහත්මීන්ගේ පාර්ශවයන් සාකච්ඡා ආරම්භ කර තිබේ.

මෙහි මූලික සාකච්ඡාවක් පසුගිය ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කළ හිටපු මන්ත්‍රීවරුන්ගේ ප්‍රධානත්වය කොළඹ පිහිටි වික‍්‍රමසිංහ මහතාගේ නිවසේ පවත්වා ඇත.

චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනාධිපතිනි සමගද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු මන්ත්‍රීවරු පිරිසක් සාකච්ඡා පවත්වා තිබේ.

සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය පොදු සන්ධානයක් ලෙස තරග කිරීමට මේ වන විටත් සාකච්ඡා පවත්වමින් ඇත.

මේ පිළිබඳව එළඹෙන 27 වන දින තොරතුරු ප්‍රසිද්ධියට පත් කිරීමට නියමිතව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *