මේ වසරේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ HIV ආසාදිතයන් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවට සෞඛ්‍ය අංශ තොරතුරු වාර්තා කරනවා.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලිංගාශ්‍රිත රෝග නිවාරණ ඒකකයේ වෛද්‍ය නිලධාරිනියක් අම්බලන්ගොඩ ප්‍රදේශයේ පසුගියදා පැවති වෛද්‍ය සායනයක් අතරතුර මාධ්‍ය වෙත මේ බව පවසා සිටියා.
මේ වසරේ දිස්ත්‍රික්කයෙන් HIV ආසාදිතයින් 21 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.
සමස්තයක් ලෙස මේ දක්වා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් රෝගීන් 87 දෙනකු හඳුනාගෙන ඇති බවත්, ඉන් වැඩි පිරිසක් සූරියවැව සහ තිස්සමහාරාම ප්‍රදේශවලින් හඳුනාගෙන ඇතියි වාර්තා වෙන්නේ.
මානව ප්‍රතිශක්ති ඌනතා වයිරසය (HIV) මාරාන්තික රෝගයක් නොවන අතර එය අත්පත් කර ගත් ප්‍රතිශක්ති ඌනතා සහලක්ෂණය (AIDS) තත්ත්වයට වර්ධනය වීමට පෙර මුල් අවධියේදීම ප්‍රතිකාර මගින් සුව කළ හැකි බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.