වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින්ගේ සංඛ්‍යාව පහළොස් ලක්ෂයේ සීමාව ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම දත්ත වාර්තා පෙන්වා දේ.
ඒ අනුව පසුගිය වසරේ මෙරටට පැමිණි සමස්ත සංචාරකයින් සංඛයාව වූ 1,487,303ක සීමාව පසු කිරීමින් 1,510,774 ක් සංචාරකයින් පිරිසක් මේ ව විට මෙරටට පැමිණ ඇත.
එම නව වාර්තාවට අනුව 2024 ඔක්තෝම්බර් මාසයේ පළමු දින 06 තුළ පමණක් මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 25,966 ක් ලෙසයි.
ඔක්තෝම්බර් මාසයේ පළමු දින 06 තුළ දී මෙරටට පැමිණ ඇති සංචාරකයින්ගෙන් 29.8%ක් එනම් 7,749ක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි.