නව රජයට භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරන්නට සිදුවූයේ පරණ ණය අලුත් කිරීමට හා රජයේ වියදම් පියවා ගැනීමට බව ජාතික ජන බලවේග ජාතික විධායක සභික වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.
එසේ නැතිව රටේ මුදල් නැතිව සල්ලි අච්චු ගැසීමක් හෝ භාණ්ඩාගාර බිල්පත් නිකුත් කර අළුතින් ණය ගැනීමක් හෝ සිදු කරන්නේ නැතැයි හෙතෙම සඳහන් කළේය.
රජයක් ලෙස අවශ්‍යතාවය අනුව භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර නිකුත් කිරීම සිදුකරන බවත් ඔහු පැවසුවේය.
එසේ ලබා ගන්නා ණය මුදල් විනිවිද පෙනෙන ආකාරයට වියදම් කරන බවත් ඔහු කියා සිටියි.
එසේ නැතුව එම මුදල් පසුගිය රජයන් ආකාරයෙන් නාස්ති නොකරන බවද හෙතෙම පැවසුවේය.