මිල සූත්‍ර්‍රය වෙනස් කරමින් විදුලි ගාස්තුව අඩු කරන්න රජය සූදානම් වෙයි

විදුලි ගාස්තු සංශෝධනය කිරීම සඳහා දැනට ක්‍රියාත්මක මිල සූත්‍රය වෙනස් කිරීම සඳහා අධ්‍යනයක් ආරම්භ කල බව බලශක්ති අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල මහතා පැවසීය.

ජනතාවට වඩාත් සහන ශීලී විදුලි ගාස්තු ක්‍රමයක් හඳුන්වාදිම සඳහා මෙලෙස සූත්‍රය වෙනස් කිරීමට කටයුතු කරන බව පැවසීය.

නව ක්‍රමවේදය විෂය භාර අමාත්‍ය ජනාධිපතිවරයා ලෙස ඉදිරිපත් කිරීමෙන් පසු කැබිනට් මණ්ඩලය වෙත යොමුකිරීමට සැලසුම් කර තිබේ.

නව පාර්ලිමේන්තුව විසින් පත්කරනු ලබන මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇතිබව වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *