වනිදු හසරංග ආබාධ සමග වතුරේ දුවවා ඇති බව හෙළි වෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ලෝක කුසලාන තරඟාවලිය ආරම්භයේ වතුරේ දුවන්නට සලස්වා ඇතැයි විදේශ රැකියා හා කම්කරු ඇමති මනුෂ නානායක්කාර මහතා සඳහන් කරයි.

මෙවන් කටයුත්තක් කිරීමට පුහුණුකරුවන්ට තිබූ අවශ්‍යතාවය කුමක්දැයි ඔහු පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.

පුහුණුකරුවන් සැමවිටම ශාරීරික යෝග්‍යතාවය මිස කුසලතාවය වර්ධනය කිරීම සම්බන්ධයෙන් සොයා බලා නැති බවටද ඔහු චෝදනා කළේය.

ලෝක කුසලාන තරගාවලිය ආසන්නයේදීම මෙරට ප්‍රධාන ක්‍රීඩකයන් පස් දෙනෙකුට ආබාධයන්ට ලක් වීම සැලකිය යුතු කරුණක් බවත් හෙතෙම පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් සමඟ සාකච්ඡා කිරීමේ දී මෙම තොරතුරු හෙළි වූ බවත් ඔහු තවදුරටත් එහිදී කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *