මෑතකදී ප්‍රතිඵල නිකුත් වූ අපොස සාමාන්‍ය පෙළ විභාගය අසමත් වූ යාපනයේ දැරියකට නිවසේ දෙමව්පියන්ගෙන් එල්ල වූ දෝෂාරෝපණ ඉවසා ගැනීමට නොහැකිව ඇය ඊයේ (05) ගෙළ වැළලාගෙන මිය ගොස් තිබෙනවා.
මෙසේ මියගොස් ඇත්තේ යාපනයේ අරාලි නැඟෙනහිර වලෙයි අම්මාන් වීදියේ පදිංචිව සිටි ශිවකුමාර් බානුප්රිය නමැති 17 හැවිරිදි නැමති ශිෂ්‍යාවක්.
ප්‍රතිඵල නිකුත් වීමෙන් පසුව ඇය දෙමව්පියන් බලාපොරොත්තු වූ ප්‍රතිඵල නොමැති නිසා ඔවුන් ඇයට දොස් නගා තිබෙනවා.
මේ ගැන දුකෙන් පසු වූ ඇය නිවසේ කිසිවෙකු නොමැති අවස්ථාවක නිවසේ බාලකයක එල්ලි සිය දිවි හානි කරගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.