කිලෝ 22ක බරින් යුක්ත විශාල කැරට් අගයකින් ඇති මිල කළ නොහැකි පළිඟු මැණිකක් අවිස්සාවේල්ල ප්‍රදේශයේ පතලකින් හමුව තිබෙනවා. මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසන්නේ මෙම මැණික අභ්‍යන්තරයේ දිය බුබුළු පිහිටා තිබීම හේතුවෙන් මෙය විශේෂ වන බවයි.
අදාළ මැණිකෙහි හිමිකරු විසින් එය මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වෙත ලබා දී ඇති අතර එය ජාත්‍යන්තර වෙළෙඳපොළට අලෙවි කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.