ගිලන් වූ භික්ෂූන් 68 දෙනෙකු වැඩ වාසය කරන හංවැල්ල, කළුඅග්ගල, ගිරා ඉඹුල ප්‍රදේශයේ පිහිටි ගිලන් භික්ෂු මධ්‍යස්ථානයක එක් ලක්ෂ හැත්තෑ හත්දහසකට ආසන්න විදුලි බිලක් නොගෙවීම නිසාවෙන් විදුලිය විසන්ධි කර ඇතැයි එම මධ්‍යස්ථානයේ අනුශාසක මෝදරවානේ අමිලසිරි හිමියෝ පවසති.
ඇස් නොපෙනෙන, බිහිරි සහ විවිධ රෝගාබාධයන්ට ගොදුරු වී ඇති සරණක් නොමැති වයෝවෘද්ධ භික්ෂූන් වහන්සේලා මෙම ස්ථානයේ වැඩ වාසය කරති.
අදාළ විදුලි විසන්ධිය සිදුකෙරූ දිනයේ සිට මේ දක්වා භික්ෂූන් තිදෙනෙකු අපවත් වී අවමංගල්‍ය කටයුතු පවත්වා ඇත්තේ ද කළුවරේ දැඩි අපහසුතා මධ්‍යයේ බවත් මෝදරවානේ අමිලසිරි හිමියෝ පැවසූහ.
විදුලිය විසන්ධි කිරීම නිසාවෙන් මෙම ගිලන් භික්ෂු මධ්‍යස්ථානය වෙත ජලය වත් ලබා ගැනීමට නොහැකි තත්වයක් උදාවෙන බැවින් විදුලිය විසන්ධි කිරීමට පැමිණි නිලධාරීන් වෙත කොතෙක් ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් කළ ද විදුලිය විසන්ධි කර යන්නට ගිය බව ද උන් වහන්සේ පැවසූහ.