හපුතලේ, වැලිමඩ මාර්ගයේ පිහිටි විහාරස්ථානයකදී විදේශීය කාන්තාවක අපයෝජනය කළ බවට සැකපිට චීවරධාරීයෙකු අද (දෙසැ. 6) අත්අඩංගුවට ගෙන තිබේ.
සැකපිට අත්අඩංගුවට ගත් චීවරධාරීයා වැලිමඩ මාර්ගයේ පා ගමනින් ගිය විදේශීය යුවළක් විහාරස්ථානය පෙන්වීමට යැයි පවසා විහාරස්ථානය තුළට කැඳවාගෙන ගොස් තිබිණි.
මෙම විදේශීය කාන්තාව සමග පැමිණි ඇයගේ සහකරුට පිටත රැඳී සිටින ලෙස පවසා දේවාලයක් සහිත අඳුරු කාමරයක් තුළදී අදාළ චීවරධාරියා විදෙස් කාන්තාවගේ ශරීරය ස්පර්ශ කර ඇති බව හපුතලේ පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළේ ය.
විදේශීය කාන්තාව හපුතලේ පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව මෙම චීවරධාරියා අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය වැඩිදුරට ත් සඳහන් කළේ, මෙම තරුණිය 26 හැවිරිදි පෝලන්ත ජාතික කාන්තාවක බව ත් සැකපිට අත්අඩංගුවට ගත් චීවරධාරීයාව 18 හැවිරිදි වියේ පසු වන බව ත් ය.
හපුතලේ පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරයි.