11 ශ්‍රේණියේ පාසල් දැරිය දූෂණය කලාට වැඩ වරදියි – දැරිය වට්ස්ඇප් පණිවිඩයක් තබා මිය යයි

තරුණයෙකු අතින් දූෂණයට ලක්වූ 16 හැවිරිදි පාසල් සිසුවියක් අවාසනාවන්ත ලෙස සියදිවි හානිකරගත් පුවතක් බදුල්ල ප්‍රදේශයෙන් වාර්තාවිය.

එම සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගත් 20 හැවිරිදි වියේ පසුවන සැකකාර තරුණයා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 20 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි නෙතූ හසරංගි නමැති ශිෂ්‍යාවකි.

තොරතුරු අනාවරණය වී ඇත්තේ මුහුණුපොත හරහා දින හතරකට පෙර හඳුනාගන්නා තරුණයෙකු ඇයව ත්‍රිරෝද රථයක නංවාගෙන ගොස් බදුල්ල රිදීපාන සරුංගල් කන්ද ප්‍රදේශයට රැගෙනගොස් දූෂණයට ලක්කර ඇති බවය.

අනතුරුව මෙම අපරාධය පිළිබඳව තමන්ගේ මිතුරියන් දෙදෙනෙකුට සහ මවට කෙටි පණිවුඩයකින් දැනුම්දී තිබේ.

අනතුරුව නිවසට පැමිණි පාසල් දැරිය සිය මිත්තණියගේ අධි රුධිර පීඩනය සඳහා ලබාගන්නා බෙහෙත් පෙති ගෙන පානය කර සියදිවි හානිකරගෙන තිබේ.

පියා කුඩා කාලයේ දැරිය ඉපදීමටත් පෙර අතහැර ගිහින්, අම්මා දියණියගේ අනාගතය වෙනුවෙන් රට රැකියාවකට ගිහින්, මෙලෙස තනිවූ දරුවෙකුට මෙවන් විපතත් අපරාධයක් සිදුවීමට පෙර අවදියෙන් සිටීම මුළු මහත් සමාජයේම වගකීමක් නොවන්නේද ?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *