දෙහිවල සත්තු වත්තේ ජිරාෆ් මිය යයි

දෙහිවල සත්වෝද්‍යානයේ සිටි ජිරාෆ් සතුන් දෙදෙනාගෙන් එක් ජිරාෆ් සතෙකු අසාත්මිකතාවක් හේතුවෙන් ඊයේ මිය ගිය බව ජාතික සත්වෝද්‍යාන අධ්‍යක්ෂ ජනරාල් රන්ජන් මාරසිංහ පවසයි.

මෙම සතාගේ ඉදිරිපස කුරයක ආසාදනයක් වැළඳී ඇති බවත් , සතාට ලබා දුන් ප්‍රතිජීවක ඖෂධ අසාත්මිකතාවක් ඇති කිරීමට හේතු වන්නට ඇති බවත් ඔහු පවසයි.

කේසේ වෙතත් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ලැබෙන තුරු මරණයට සැබෑ හේතුව තහවුරු කළ නොහැකි බව ඔහු පැවසීය.

පසුගිය සතියක පමණ කාලයක් තුළ මෙම ජිරාෆ් ආසාදනයෙන් පීඩා විඳි බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *